පොලිස් කතුන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළ සිද්ධිය ගැන පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක්

උසස් පොලිස් නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිසිඳු පාර්ශ්වයක පැමිණිල්ලක් නොමැතිවම මෙම සිද්ධියට අදාළවල විමර්ශනයක් ආරම්භ කළ බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, සඳහා මාධ්‍ය මඟින් පළවූ මාධ්‍ය වාර්තා සහ මාධ්‍යවල විකාශය වූ දර්ශන මෙන්ම සමාජ ජාල මාධ්‍යයේ සංසරණය වූ වාර්තා පදනම් කරගනිමින් මෙම විමර්ශනය සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කාන්තාවක් දෙදෙනකු පසුගිය 12 වැනිදා කළුතර නගරයේ සිට ගාලු මුවදොර දක්වා ඇරඹු විරෝධතා පා ගමනක් අතරතුර දී පානදුර – පල්ලියමුල්ල ප්‍රදේශයේ දී මෙම සිදුවීමට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් මුහුණ පා තිබුණා.

මෙම සිදුවීම ජාත්‍යන්තර වශයෙන්ද අවධානය යොමුව ඇති බැවින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ විමර්ශනය ආරම්භ කළ බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම ක්‍රියාව තමන්ට ගැටළුවක් නොවන බව මෙම සිද්ධියට මුහුණ දුන් පොලිස් කාන්තාවන් දෙදෙනා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබෙනවා.

මේ අතර අදාළ අවස්ථාවේ දී තමන් පොලිස් නිලධාරීනියන් රාජකාරිය සඳහා උනන්දු කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාවක නිරත වූ බවයි චෝදනාවට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14