spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් කතුන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළ සිද්ධිය ගැන පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක්

උසස් පොලිස් නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිසිඳු පාර්ශ්වයක පැමිණිල්ලක් නොමැතිවම මෙම සිද්ධියට අදාළවල විමර්ශනයක් ආරම්භ කළ බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, සඳහා මාධ්‍ය මඟින් පළවූ මාධ්‍ය වාර්තා සහ මාධ්‍යවල විකාශය වූ දර්ශන මෙන්ම සමාජ ජාල මාධ්‍යයේ සංසරණය වූ වාර්තා පදනම් කරගනිමින් මෙම විමර්ශනය සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කාන්තාවක් දෙදෙනකු පසුගිය 12 වැනිදා කළුතර නගරයේ සිට ගාලු මුවදොර දක්වා ඇරඹු විරෝධතා පා ගමනක් අතරතුර දී පානදුර – පල්ලියමුල්ල ප්‍රදේශයේ දී මෙම සිදුවීමට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් මුහුණ පා තිබුණා.

මෙම සිදුවීම ජාත්‍යන්තර වශයෙන්ද අවධානය යොමුව ඇති බැවින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ විමර්ශනය ආරම්භ කළ බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම ක්‍රියාව තමන්ට ගැටළුවක් නොවන බව මෙම සිද්ධියට මුහුණ දුන් පොලිස් කාන්තාවන් දෙදෙනා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබෙනවා.

මේ අතර අදාළ අවස්ථාවේ දී තමන් පොලිස් නිලධාරීනියන් රාජකාරිය සඳහා උනන්දු කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාවක නිරත වූ බවයි චෝදනාවට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?