එක්දින සංචිතය ප්‍රසිද්ධියට පත් කළත් ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබී නැහැ

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ජාතික ක්‍රිකට් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව මෙලෙස ජාතික ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්තානයට සමඟ අද (259 ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් මෙම සංචිතය නම් කරනු ලැබුවා.

මෙලෙස නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා තිබුණ ද ඊයේ (24) පස්වරුව වන විටත් ඒ සඳහා අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

ඒ අනුව සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදීයි මෙම සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ මෙලෙස ප්‍රසිද්ධියට පත් කළේ.

තරග සංචාරයක් සඳහා විදේශ කණ්ඩායමක් රටට පැමිණ සිටින අවස්ථාවක අමාත්‍යවරයාගේ අනුමැතිය සංචිතයට නොලැබුණු බව පවසමින් හරවා ඔවුන් යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.

WhatsApp Image 2022 11 24 at 5.25.56 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?