එක්දින සංචිතය ප්‍රසිද්ධියට පත් කළත් ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබී නැහැ

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ජාතික ක්‍රිකට් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව මෙලෙස ජාතික ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්තානයට සමඟ අද (259 ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් මෙම සංචිතය නම් කරනු ලැබුවා.

මෙලෙස නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා තිබුණ ද ඊයේ (24) පස්වරුව වන විටත් ඒ සඳහා අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

ඒ අනුව සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදීයි මෙම සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ මෙලෙස ප්‍රසිද්ධියට පත් කළේ.

තරග සංචාරයක් සඳහා විදේශ කණ්ඩායමක් රටට පැමිණ සිටින අවස්ථාවක අමාත්‍යවරයාගේ අනුමැතිය සංචිතයට නොලැබුණු බව පවසමින් හරවා ඔවුන් යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.

WhatsApp Image 2022 11 24 at 5.25.56 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17