පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරග කිහිපයක් ඊයේ දිනයේ දී පැවැත් වුණා.
එම තරග අතරින් ඊයේ රාත්‍රියේ පැවැත් වුණු පෘතුගාලය සහ ඝානාව අතර තරගය සහ බ්‍රසීලය සහ සර්බියාව අතර තරග කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.
එහිදී තියුණු තරගයකින් පසු ඝානාව පරාජය කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම ගෝල 03ට 02ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගත්තා.
පෘතුගාලය ජයග්‍රහණයට මාවත විවරකර දුන් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දඬුවම් පහරක් මඟින් පළමු ගෝලය වාර්තා කළේ ලෝක වාර්තාවක් ද සමඟින්.
ඒ, ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයාගේ බවට රොනාල්ඩෝ තම නම ඉතිහාසයට එක්කර ගනිමින්.
රොනාල්ඩෝගේ සාර්ථක දඬුවම් පහරින් නොවැටුණු ඝානා ක්‍රීඩකයින් තරගයේ තරගයේ 73 වන මිනිත්තුවේ දී සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.
අනතුරුව පෘතුගාලයේ ජෝවා ෆීලික්ස් තරගයේ 78වන මිනිත්තුවේ දී දෙවන ගෝලය වාර්තා කළ අතර, රෆායෙල් ලියෝ 80 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් පෘතුගාල නම ඉදිරියේ ගෝල තුනක් ලෙස සනිටුහන් කළා.
තරගය අවසන් මොහොත තෙක් සටන අත් නොහැරි ප්‍රතිවාදී ඝානා ක්‍රීඩකයින් 89 වන මිනිත්තුවේ දී ඔස්මාන් බුකාරි විසින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 03ට දෙකක් ලෙස පෙරමුණේ සිටි පෘතුගාලය මෙම තරගයේ ජය සිය දෝතට ගත්තා.
මේ අතර ඊයේ පැවති අවසන් තරගයෙන් තියුණු ජයක් ලබන්නට සර්බියාව පරාජය කළ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණා.
බ්‍රසීල කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ගෝල දෙකට බිංදුවක් වශයෙන් වීම විශේෂත්වයක්.