රොනාල්ඩෝගේ ලෝක වාර්තාවත් සමඟ පෘතුගාලය පාපන්දු ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව අරඹයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරග කිහිපයක් ඊයේ දිනයේ දී පැවැත් වුණා.

එම තරග අතරින් ඊයේ රාත්‍රියේ පැවැත් වුණු පෘතුගාලය සහ ඝානාව අතර තරගය සහ බ්‍රසීලය සහ සර්බියාව අතර තරග කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

එහිදී තියුණු තරගයකින් පසු ඝානාව පරාජය කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම ගෝල 03ට 02ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගත්තා.

පෘතුගාලය ජයග්‍රහණයට මාවත විවරකර දුන් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දඬුවම් පහරක් මඟින් පළමු ගෝලය වාර්තා කළේ ලෝක වාර්තාවක් ද සමඟින්.

ඒ, ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයාගේ බවට රොනාල්ඩෝ තම නම ඉතිහාසයට එක්කර ගනිමින්.

රොනාල්ඩෝගේ සාර්ථක දඬුවම් පහරින් නොවැටුණු ඝානා ක්‍රීඩකයින් තරගයේ තරගයේ 73 වන මිනිත්තුවේ දී සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

අනතුරුව පෘතුගාලයේ ජෝවා ෆීලික්ස් තරගයේ 78වන මිනිත්තුවේ දී දෙවන ගෝලය වාර්තා කළ අතර, රෆායෙල් ලියෝ 80 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් පෘතුගාල නම ඉදිරියේ ගෝල තුනක් ලෙස සනිටුහන් කළා.

තරගය අවසන් මොහොත තෙක් සටන අත් නොහැරි ප්‍රතිවාදී ඝානා ක්‍රීඩකයින් 89 වන මිනිත්තුවේ දී ඔස්මාන් බුකාරි විසින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 03ට දෙකක් ලෙස පෙරමුණේ සිටි පෘතුගාලය මෙම තරගයේ ජය සිය දෝතට ගත්තා.

මේ අතර ඊයේ පැවති අවසන් තරගයෙන් තියුණු ජයක් ලබන්නට සර්බියාව පරාජය කළ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණා.

බ්‍රසීල කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ගෝල දෙකට බිංදුවක් වශයෙන් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14