අපිව මොනා කරලාවත් පන්නන්න බෑ යන්නෙත් නෑ

තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයට සහය දක්වන නවදෙනාම ගහලා පැන්නුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ නැතැයි එහි හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයෙදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා.

තම කණ්ඩායම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා පාක්ෂිකයා ආරක්ෂා කිරීමට සටනක් ගෙන යන බවත්, මෙම දේශපාලන භූමිකාව ගෙනයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?