පාලමෙන් වැටී මියගිය තරුණයාගේ සිරුර හමුවෙයි

යාපනය අච්චුවේලී වල්ලෙයි පාලම මත මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු පාලමෙන් වැටී අතුරුදහන්ව සිටියදී දිනකට පසු ඊයේ (23) දින මළසිරුර නාවික හමුදාවෙන් සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.

අතුරුදහන් වූ තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමගින් පසුගිය 22 වනදා වල්ලෙයි පාලමට ගොස් ඇති අතර එහිදී එකවරම එම තරුණයා පලමෙන් වැටී ජලයේ ගිලීමෙන් අතරුදහන්ව ඇත.

පසුව ඒ පිළිබඳව අච්චුවේලී පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා ධීවරයින් එක්ව පොලීසිය විසින් අතුරුදහන් වූ තරුණයා 22 වනදා සවස් වනතුරුම සෙව්වද සොයා ගැනීම නොහැකි වූ අතර පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දෙනු ලැබිය.

අනතුරුව යාපනය නාවික හමුදාවේ කිමිදුම් අංශ නිලධාරීන් පැමිණ ඊයේ (23) දින සෝදිසි කිරීමේදී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගනු ලැබීය.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ පූදූර් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි බාස්කරන් තිලක්ෂණ නැමති අයෙකු වන අතර ඔහුගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.

මිය ගිය තරුණයා සමග මසුන් ඇල්ලීමට ගිය තරුණයින්ගෙන් පශ්න කිරීම් සිදුකොට අදාල මරණය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂනයක් සිදුකරන බවටද අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.

IMG 20221123 WA0015 1024x576 1
IMG 20221122 WA0111
IMG 20221123 WA0009 1536x864 1
IMG 20221123 WA0012
IMG 20221123 WA0014
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45