කොළඹට දුම්රියෙන් එන රාජ්‍ය සේවකයින් පිරිසකට සහන කාලයක්

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ දී සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ, අනුව නියමිත රාජකාරී වේලාවේ සිට පැමිණීම සඳහා පැය භාගයක කාලයක් සහ පිටවීම සඳහා පැයක කාලයක් මෙලෙස සහන කාලයක් ලෙස ලබාදීමට තීරණය කර ඇත්තේ.

දුම්රියවල සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සහන කාලය ලබාගන්නා නිලධාරීන් දිවා ආහාර වේලාව තුළ අදාළ රාජකාරී හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කටයුතු කළ යුතු බව ද දන්වා තිබෙනවා.

රාජකාරියට බාධාවක් නොවන පරිදි අදාළ සහන කාලය ලබා දී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?