කොළඹට දුම්රියෙන් එන රාජ්‍ය සේවකයින් පිරිසකට සහන කාලයක්

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ දී සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ, අනුව නියමිත රාජකාරී වේලාවේ සිට පැමිණීම සඳහා පැය භාගයක කාලයක් සහ පිටවීම සඳහා පැයක කාලයක් මෙලෙස සහන කාලයක් ලෙස ලබාදීමට තීරණය කර ඇත්තේ.

දුම්රියවල සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සහන කාලය ලබාගන්නා නිලධාරීන් දිවා ආහාර වේලාව තුළ අදාළ රාජකාරී හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කටයුතු කළ යුතු බව ද දන්වා තිබෙනවා.

රාජකාරියට බාධාවක් නොවන පරිදි අදාළ සහන කාලය ලබා දී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17