එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංචාරක වීසා මත අබුඩාබියට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සම්බන්ධව තොරතුරු ඇතුළත්.

ඒ, අනුව තානාපති කාර්යාල නිලධාරින් සහ එරට පොලිසීය මෙම පිරිස රැදී සිටින ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට කිසිඳු ගැටලුවක් හෝ පැමිණිල්ලක් නොමැති බවට එහිදී අනාවරණය වී ඇති අතර, එම පිරිස අතර සිටි එක පුද්ගලයෙක් යළි ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.

සෙසු පුද්ගලයින් ආගමන ක්‍රියා පටිපාටි නොතකා පසුගිය 15 වනදා ඕමානය බලා පිටත්ව ගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ අතර, ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත්කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඊ. කුෂාන් නැමැති මෙම පුද්ගලයා මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?