එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංචාරක වීසා මත අබුඩාබියට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සම්බන්ධව තොරතුරු ඇතුළත්.

ඒ, අනුව තානාපති කාර්යාල නිලධාරින් සහ එරට පොලිසීය මෙම පිරිස රැදී සිටින ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට කිසිඳු ගැටලුවක් හෝ පැමිණිල්ලක් නොමැති බවට එහිදී අනාවරණය වී ඇති අතර, එම පිරිස අතර සිටි එක පුද්ගලයෙක් යළි ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.

සෙසු පුද්ගලයින් ආගමන ක්‍රියා පටිපාටි නොතකා පසුගිය 15 වනදා ඕමානය බලා පිටත්ව ගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ අතර, ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත්කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඊ. කුෂාන් නැමැති මෙම පුද්ගලයා මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17