ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) දිනයේ පාසල් වෙත පැමිණි ගුරුවරියන් පිළිබඳව ඉදිරියේ දී විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව වැඩබලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර සඳහන් කළා.
අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඉදිරියේ දී ඒ පිළිබඳව සිදුකෙරෙන සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.














එච්චරයි අඩු උනේ…මේ රට ඉස්සරහට යන්නේ කොහොමද හොද දේවල් වලට අකුල් හෙලද්දි?මුන්ට ඕනේ ගෑනුන්ගේ ඇගවල් පේන සාරියම අන්දවන්න…