එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (22) උදෑසන මෙරටට පැමිණියා.

කණ්ඩායමේ දෙකක් වශයෙන් ඇෆ්ගනිස්ථාන පිළ මෙටට පැමිණෙන අතර, ඉන් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනෙකු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් අද (22) පෙරවරු 8.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තවත් 14 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම උදෑසන 10.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 1025 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායාමේ සාමාජිකයින් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු මහනුවර බලා පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?