සජබයේ දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේ උපවාසයක් (වීඩියෝ)

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තු සභාගර්භයේ දී අද (21) උපවාසයක් ආරම්භ කළා.

ලෝක ධීවර දිනය යෙදී ඇති අද දිනය වෙනුවෙන්, මෙරට ධීවරයින්ට සහන ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා අද කළු පැහැති ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයක්.

https://youtu.be/iPt_wGthq8k


අපගේ නවතම වීඩියෝ පුවත්