ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙට කටාර් දේශයේ දී ආරම්භ වේ.
ලොව ප්රබලතම කණ්ඩායමක් 32ක් එක කුසලානයක් වෙනුවෙන් හෙට සිට තරඟ වැදීමට නියමිතයි.ක්‍රීඩාංගන 8 කදී මෙම තරඟ පැවැත්විමට කටයුතු යොදා ඇත.
මෙම ලෝක කුසලාන තරඟාවලිය ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ අවසාන ලෝක කුසලාන තරඟාවලිය වන නිසා ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් යොමු වන තරඟාවලියක් වනු ඇතැයි විචාරකයෝ මත පල කරයි.
හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 9.30ට සත්කාරක කටාර් රාජ්‍යය හා ඉක්වදෝරය අතර පැවැත්වෙන තරඟයෙන් ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8