නීති විරෝධී ලෙස එකලස් කරන ලද මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සමඟ සැකකරුවෙකු මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේ දී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ ජීප් රථයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී චැසි අංකය යොදා ඇති කොටස සහ බඳ කොටස බද්ද කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සැසඳීමේ දී එම රථයේ ලියාපදිංචි තොරතුරු ව්‍යාජ බවට අනාවරණ කරගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු බුත්තල – යුධගනාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් න්බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු අද (05) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.




