නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රියක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සමඟ සැකකරුවෙකු මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේ දී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ ජීප් රථයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී චැසි අංකය යොදා ඇති කොටස සහ බඳ කොටස බද්ද කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සැසඳීමේ දී එම රථයේ ලියාපදිංචි තොරතුරු ව්‍යාජ බවට අනාවරණ කරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු බුත්තල – යුධගනාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් න්බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද (05) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාවනැල්ල පොලිසිය සමඟ පැටලුණු තරුණයා
00:51
Video thumbnail
හිටපු ඇමති සී.බීගේ පුතා වලපනේ හොල්ලයි
03:20
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුර
01:13
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07