කැබිතිගොල්ලෑවේ පොලිස් සැරයන් ඝාතන සිද්ධියට 14ක් අත්අඩංගුවට

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ ඇති වූ කලහකාරී සිද්ධිය අතර තුර පුද්ගලයෙකු මුඟුරකින් සිදුකළ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු ඝාතනයට ලක් වුණා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වන අලියකු පහරදීමෙන් කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ කාන්තාවක් මිය යාමත් සමඟ ප්‍රදේශවාසින් විසින් සිදුකළ විරෝධතාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එම විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කර ඇති අතර, විරෝධතාව අතරතුර දී අදාළ පොලිස් සැරයන්වරයා පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේ දී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?