කැබිතිගොල්ලෑවේ පොලිස් සැරයන් ඝාතන සිද්ධියට 14ක් අත්අඩංගුවට

අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ ඇති වූ කලහකාරී සිද්ධිය අතර තුර පුද්ගලයෙකු මුඟුරකින් සිදුකළ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු ඝාතනයට ලක් වුණා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වන අලියකු පහරදීමෙන් කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ කාන්තාවක් මිය යාමත් සමඟ ප්‍රදේශවාසින් විසින් සිදුකළ විරෝධතාවක් හේතුවෙන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එම විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කර ඇති අතර, විරෝධතාව අතරතුර දී අදාළ පොලිස් සැරයන්වරයා පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේ දී මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44