විස්සයි විස්ස වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා නායකයා

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් ක්‍රීඩකයා බවට පත්වීමට දසුන් ශානකට අද හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරග 15 කදී නායකත්වය ලබාදෙමින්.

මීට පෙර හිටපු නායක කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරග 14කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබුණා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ තරග 50ක් ක්‍රීඩා කළ පළමු කණ්ඩායම බවට පත්වීමට අද ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව අද සහභාගී වූ තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවමින් කඩුලු 06ක සුපිරි ජයක් හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
180
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?