ජනපතිට, මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්තගෙන් යෝජනාවක්

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) පැවැත් වුණා.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය” වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවයි.

පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි දී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබු බවත්, 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී 40%ක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙත් පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ “262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත” 2022 ඔක්තෝබර් 14 ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?