ජනපතිට, මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්තගෙන් යෝජනාවක්

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) පැවැත් වුණා.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය” වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවයි.

පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි දී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබු බවත්, 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී 40%ක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙත් පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ “262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත” 2022 ඔක්තෝබර් 14 ගැසට් පත්‍රයේ පළකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55