සීයාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් 11 හැවිරිදි මුණුපුරාට තුවාල

පියා විසින් තම පුතාට එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකට මැදිව තුවාල ලැබූ 11 හැවිරිදි මුණුපුරෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අද (31) දහවල් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසළදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවා රැගෙන යාමට පියා පැමිණි අවස්ථාවේ දී, ඔහුගේ පියා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පුතා සහ මුණුපුරා ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?