දෙදෙනෙකුට මරු කැඳවූ හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියේ රහස් රැසක් එළියට (වීඩියෝ)

අද (31) පෙරවරුවේ හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස් සහ හෙන්ද හේවගේ ඉසුරු ප්‍රසන්න නැමති වයස අවුරුදු 47 සහ 26 යන වයස්වල පසු වූ දෙදෙනෙක් බවට අනාවරණය වී තිබෙනවා.

හික්කඩුව – කළුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දෙදෙනා මීට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේදීම ‘කටා රොෂාන්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා කපාකොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බවටයි හෙළිව ඇත්තේ.

මොවුන් දෙදෙනා අද (31) පෙරවරුවේ අධිකරණ කටයුත්තක් සඳහා ගාල්ල අධිකරණයට යතුරුපැදියකින් යමින් සිටිය දී තවත් යතරුපදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.

T – 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසීය සඳහන් කළේ.

මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පාතාල කල්ලි දෙක අතර ඝාතන සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

https://youtu.be/3Iiao3A6mOo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33