නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයකු ඌරුවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (30) පෙරවරුවේ සිදුකළ වැටලීමක දී සැකකරු නීති විරෝධී මත්පැන් ලීටර් 33.75ක්, මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 550ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව ති බවයි වාර්තා වන්නේ.

වග ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොස්ගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?