යාල කැලේ යකා නැටූ පිරිස අතර සිටි ඇමති ඥාති පුතා අත්අඩංගුවට (වීඩියෝ)

යාල ජාතික වනෝද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වන පරිදි රථ වාහන යොදාගෙන නීති විරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය අදාළව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 22 වනදා සුඛෝපභෝගී ජීප් රථ සහ කැබ්රථවලින් පැමිණි පිරිසක් යාල ජාතික වනෝද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

මෙම සිද්ධිය අදාළ වීඩියෝ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයාමත් සමඟයි මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණේ.

පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර,එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටය උපයෝගී කරගනිමින් පැමිණ සිටි පිරිසෙන් කොටසක් හඳුනා ගනු ලැබුවා.

අදාළ කැබ් රථ සහ ජීප් රථවල අංක තහඩු උපයෝගී කරගනිමින් ඒවායේ හිමිකරුවන් කවුරුන්ද යන්න තහවුරු කරගත් අතර, ඉන් අනතුරුවයි එම පිරිස අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුව තවදුරටත් සිදුකළ සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණයන් වලදී අමාත්‍ය මහින්දගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වන දුලිත අමරවීර ද එම දර්ශනවල සිටින අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

https://youtu.be/E04Eu4BmRqo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26