spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාල කැලේ යකා නැටූ පිරිස අතර සිටි ඇමති ඥාති පුතා අත්අඩංගුවට (වීඩියෝ)

යාල ජාතික වනෝද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වන පරිදි රථ වාහන යොදාගෙන නීති විරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය අදාළව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 22 වනදා සුඛෝපභෝගී ජීප් රථ සහ කැබ්රථවලින් පැමිණි පිරිසක් යාල ජාතික වනෝද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

මෙම සිද්ධිය අදාළ වීඩියෝ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයාමත් සමඟයි මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණේ.

පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර,එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටය උපයෝගී කරගනිමින් පැමිණ සිටි පිරිසෙන් කොටසක් හඳුනා ගනු ලැබුවා.

අදාළ කැබ් රථ සහ ජීප් රථවල අංක තහඩු උපයෝගී කරගනිමින් ඒවායේ හිමිකරුවන් කවුරුන්ද යන්න තහවුරු කරගත් අතර, ඉන් අනතුරුවයි එම පිරිස අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුව තවදුරටත් සිදුකළ සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණයන් වලදී අමාත්‍ය මහින්දගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වන දුලිත අමරවීර ද එම දර්ශනවල සිටින අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

https://youtu.be/E04Eu4BmRqo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?