ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් දරුණු පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (29) සිදු වුණා.

නවසීලන්තය සමඟ පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වුණේ ලකුණු 65කින්.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී මෙවර තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 104ක් වාර්තා කරමින් නවසීලන්ත ඉනිම ගොඩනැඟුවා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ලකුණු 168ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතා දුර්වල පිතිකරණ රටාව මෙම තරගයේ කැපී පෙනුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක පිළිවෙලින් ලකුණු 35ක් සහ 34ක් රැස්කිරීමට සමත් වූ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යන්නට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දමමින් නවසීලන්ත ජයග්‍රහණය පහසුකරා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19යි පන්දු 02කදී සියල්ලන් දැවී ලකුණු 102කට සීමා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?