ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් දරුණු පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (29) සිදු වුණා.

නවසීලන්තය සමඟ පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත් වුණේ ලකුණු 65කින්.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී මෙවර තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 104ක් වාර්තා කරමින් නවසීලන්ත ඉනිම ගොඩනැඟුවා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ලකුණු 168ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතා දුර්වල පිතිකරණ රටාව මෙම තරගයේ කැපී පෙනුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක පිළිවෙලින් ලකුණු 35ක් සහ 34ක් රැස්කිරීමට සමත් වූ අතර, වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යන්නට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දමමින් නවසීලන්ත ජයග්‍රහණය පහසුකරා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19යි පන්දු 02කදී සියල්ලන් දැවී ලකුණු 102කට සීමා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26