දිවයිනේ ත්‍රිරෝද රථ වෘත්තිකයන් ලක්‍ෂ 12කට අධික පිරිසක් ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර ඊයේ (28 දා) පැවසීය. ඒ ත්‍රිරෝද රථ ටයර්, ටියුබ්, බැටරි ඇතුළු අමතර කොටස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන්.
මිල ගණන් අඩුකර සහන සලසන ලෙස ද ඔහු ඉල්ලා සිටියා. එමෙන්ම දැනට ලබාදෙන පෙට්‍රල් ලීටර් පහේ කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කරන බවට රජය පොරොන්දු වූ දේ ඉටුකළහොත් අනිවාර්යයෙන්ම මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථවලින් පළමු කිලෝ මීටරය සඳහා අයකරන ගාස්තුවෙන් රුපියල් 20ක් අඩුකරන බවද හෙතෙම කීය.
ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ නංවා තිබීම නිසා මගී ජනතාව ත්‍රිරෝද රථවලින් කුලී ගමන් යෑම ප්‍රතික්‍ෂේපකර පයින් ගමන් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය













