මැල්සිරිපුර රාගෙදර මාර්ගයේ බෝගහපිටිය ප්රදේශයේදී මැල්සිරිපුර දෙස සිට රාගෙදර දෙසට ධාවනය වූ ත්රීරෝධ රථයක් ඊට ප්රතිවිරුද්ධ දිහාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් ත්රී රෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් කල කාන්තාව තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කාන්තාව මිය ගොස් ඇත .
මරණකාරිය වයස අවුරුදු 61 ක් වූ මැල්සිරිපුර ප්රදේශයේ පදිංචිකාරියක් වේ .
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ . මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .













