“සයිකල් සිකුරාදා” ලබන 31 වනදා සිට

සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අවදානය යොමුව තිබෙනවා.

“සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” යන තේමාව යටතේ ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝබර් 31 වැනිදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව සෑම සිකුරාදා දිනකම නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන්ට පා පැදියෙන් රාජකාරියට වාර්තා කිරීමට පහසුකම් සලසන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර සඳහන් කළේ .

මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පා පැදියෙන් සේවයට පැමිණෙන පිරිස් දිරිගැන්වීම සඳහා පා පැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පා පැදි සංසදයේ සාමාජිකත්වය ලබාදීම, පා පැදි නතර කිරීමට අමාත්‍යාංශයේ වෙනම ස්ථානයක් වෙන්කිරීම, අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම මෙන්ම එම දිනයේ දී සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම ද එහිදී සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?