“සයිකල් සිකුරාදා” ලබන 31 වනදා සිට

සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අවදානය යොමුව තිබෙනවා.

“සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” යන තේමාව යටතේ ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝබර් 31 වැනිදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව සෑම සිකුරාදා දිනකම නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන්ට පා පැදියෙන් රාජකාරියට වාර්තා කිරීමට පහසුකම් සලසන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර සඳහන් කළේ .

මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පා පැදියෙන් සේවයට පැමිණෙන පිරිස් දිරිගැන්වීම සඳහා පා පැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පා පැදි සංසදයේ සාමාජිකත්වය ලබාදීම, පා පැදි නතර කිරීමට අමාත්‍යාංශයේ වෙනම ස්ථානයක් වෙන්කිරීම, අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම මෙන්ම එම දිනයේ දී සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම ද එහිදී සිදුකෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26