යාල කැලේ යකා නැටූ සිද්ධියට හතකගේ වැඩතහනම්

යාල ජාතික වනෝද්‍යානය තුළ වාහන භාවිත කරමින් නීතිවිරෝධීව කටයුතු කිරීමට අනුබල දුන් එහි සෆාරි මඟ පෙන්වන්නන් හත් දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා.

සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පවත්වන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළේ.

සංචාරකයින් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් සිදුවේ නම් නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබුනත් මෙම සිද්ධියේ දී ඔවුන් එවැනි කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වනෝද්‍යානය වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ එම පිරිසට එරෙහිව නීතීමට පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ (24) සඳහන් කළා.

පසුගිය ඉරිදා (23) ‘දසත’ පුවත් මේ සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයේ පසු අදාළ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?