යාල කැලේ යකා නැටූ සිද්ධියට හතකගේ වැඩතහනම්

යාල ජාතික වනෝද්‍යානය තුළ වාහන භාවිත කරමින් නීතිවිරෝධීව කටයුතු කිරීමට අනුබල දුන් එහි සෆාරි මඟ පෙන්වන්නන් හත් දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා.

සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පවත්වන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළේ.

සංචාරකයින් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් සිදුවේ නම් නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබුනත් මෙම සිද්ධියේ දී ඔවුන් එවැනි කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වනෝද්‍යානය වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ එම පිරිසට එරෙහිව නීතීමට පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ (24) සඳහන් කළා.

පසුගිය ඉරිදා (23) ‘දසත’ පුවත් මේ සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයේ පසු අදාළ පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00