ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පී ‘ලෙස්ලි ජෝර්ඩාන්’ ජීවිතක්ෂයට

ලොව ප්‍රකට ප්‍රහසන නළුවෙකු වන ‘ලෙස්ලි ජෝර්ඩාන්’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 67 වැනි වියේ පසු වුණා;.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිදුවූ රිය අනතුරකින් ලෙස්ලි ජීවිතක්ෂයට පත්ව ඇත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සඳුදා උදෑසන ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අසළ පිහිටි ගොඩනැගිල්ලක වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ අනතුර සිදු ස්ථානයේදීම ලෙස්ලි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

“Will and Grace” සහ “American Horror Story” වැනි නිර්මාණ ඔස්සේ ‘ලෙස්ලි ජෝර්ඩාන්’ රසිකයින් අතර ජනප්‍රිය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?