අඩු බර පාන් සොයන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

නියමිත බර නොමැතිව අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාන් රත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මූලික කර ගනිමින් මෙම පියවර ගත් බවයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විවිධ ප්‍රදේශවල අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදු කළා.

එහිදී නියමිත ප්‍රමිතියෙන් තොර අඩු බර සහිත පාන් අලෙවි කළ වෙළඳුන් රැසකට එරෙහිව නීතියම පියවර ගැනීමටයි කටයුතු කළේ.

මේ අතර පාන් සඳහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සඳහන් කරමින් ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

පාන් ඇතුළු බේකරි කර්මාන්තය සඳහා සහන ලබාදීම වෙනුවට වැටලීම් සිදුකිරීම පලක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

  1. KIRUM MINUM SAHA MILA PALANA DEPARTHAMENTHUWA, PARIBHOGIKA ADHIKARIYA, MAHAJANA UPAYOGITHA COMISAMA, PHI WARU MARA NINDHE. UN MARA NINDHEN NAGITINNE PADI GANNAYI GEDARA YANNAYI WITHARAYI. HEMA PARAMA WAGEYI ME PARATH MEDIA TV DERANA MEKA ADHALA GATHTHE NATHINAM UN OHE NIDHI WADHILA INDHIYI. DAN BOLA BALAPALLA, DIESEL ADU WELA ARUN BUS GASTH ADU KARANNE NAHE, PETROL ADU WELA 3 WHEEL GASTHU ADU KARANNE NAHE, PANPITI MILA 110KIN ADU WELA PITI KEMA MILA ADU KARANNE NAHE, PITI COMPANY PALANA MILATA GANAN GANNE NAHE. DAN OKATH MUNTA API KIYANNAMA ONEDHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46