අඩු බර පාන් සොයන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

නියමිත බර නොමැතිව අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාන් රත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මූලික කර ගනිමින් මෙම පියවර ගත් බවයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විවිධ ප්‍රදේශවල අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදු කළා.

එහිදී නියමිත ප්‍රමිතියෙන් තොර අඩු බර සහිත පාන් අලෙවි කළ වෙළඳුන් රැසකට එරෙහිව නීතියම පියවර ගැනීමටයි කටයුතු කළේ.

මේ අතර පාන් සඳහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සඳහන් කරමින් ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

පාන් ඇතුළු බේකරි කර්මාන්තය සඳහා සහන ලබාදීම වෙනුවට වැටලීම් සිදුකිරීම පලක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?