නියමිත බර නොමැතිව අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාන් රත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මූලික කර ගනිමින් මෙම පියවර ගත් බවයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විවිධ ප්‍රදේශවල අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදු කළා.
එහිදී නියමිත ප්‍රමිතියෙන් තොර අඩු බර සහිත පාන් අලෙවි කළ වෙළඳුන් රැසකට එරෙහිව නීතියම පියවර ගැනීමටයි කටයුතු කළේ.
මේ අතර පාන් සඳහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සඳහන් කරමින් ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.
පාන් ඇතුළු බේකරි කර්මාන්තය සඳහා සහන ලබාදීම වෙනුවට වැටලීම් සිදුකිරීම පලක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.














KIRUM MINUM SAHA MILA PALANA DEPARTHAMENTHUWA, PARIBHOGIKA ADHIKARIYA, MAHAJANA UPAYOGITHA COMISAMA, PHI WARU MARA NINDHE. UN MARA NINDHEN NAGITINNE PADI GANNAYI GEDARA YANNAYI WITHARAYI. HEMA PARAMA WAGEYI ME PARATH MEDIA TV DERANA MEKA ADHALA GATHTHE NATHINAM UN OHE NIDHI WADHILA INDHIYI. DAN BOLA BALAPALLA, DIESEL ADU WELA ARUN BUS GASTH ADU KARANNE NAHE, PETROL ADU WELA 3 WHEEL GASTHU ADU KARANNE NAHE, PANPITI MILA 110KIN ADU WELA PITI KEMA MILA ADU KARANNE NAHE, PITI COMPANY PALANA MILATA GANAN GANNE NAHE. DAN OKATH MUNTA API KIYANNAMA ONEDHA.