මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී සිටින අයර්ලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයට ක්‍රීඩා කරනු ලබනවා.
අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල් මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබියදීත් අද තරගය සඳහා එක්ව සිටිනවා.
ජෝර්ජ් ඩොක්‍රෙල් අද තරගයේ දී පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති රීතින්ට අනුව කොවිඩ් ආසාදිත ක්‍රීඩකයින් තරගය සඳහා සහභාගී කරගැනීමේ හැකියව පවතින අතර, ඔහුව තරගය තුළ කළමනාකරණය කිරීමට හැකියාව ද පවතිනවා.
නිවේදනයක් නිකුත් කරමින් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ ඩොක්‍රෙල් “කොවිඩ් ධනාත්මක” ලෙස හඳුනාගෙන ඇති අතර වර්තමාන දේශීය, ජාතික සහ ICC මාර්ගෝපදේශයන්ට අනුකූලව එය කළමනාකරණය කරන බවයි.














