ලොව ප්‍රකට ශක්ති ජනක පානයක් ලෙස හඳුවන්වන Red bull සමාගමේ සම හිමිකාරිත්වය දැරූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් (Dietrich Mateschitz) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දිගු කාලීන අසනීපතත්වයෙන් පසුවූ ඔහු මිය යනවිට 78 වන වියේ පසු වුණා.
1944 වසරේ මැයි මස 20 වනදා ඕස්ට්‍රියාවේ දී උපත ලැබූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් වර්ෂ 1984 දී Red bull ශක්ති ජනක පානය නිපදවීම ආරම්භ කළ අතර ඔහු සැලකෙන්නේ ෆෝම්යුලා වන මෝටර් රථ ධාවන තරගවලට අලුම්කළ පුද්ගලයෙකු ලෙසයි.
ඒ සඳහා ඇති ආශාව හේතුවෙන් Red bull සමාගම ආරම්භකර වසර 20කට පසුව ජගුවර් ෆෝමියුලා වන් කණ්ඩායම මිලදී ගෙන එය රෙඩ් බුල් රේසිං ලෙස පවත්වාගෙන යාමට තීරණය කළා.
රෙඩ් බුල් කණ්ඩායමේ ප්‍රධානී ක්‍රිස්ටියන් හෝර්නර් ඩීට්‍රිච්ගේ අභාවය ප්‍රකශ කරමින් පැවසුවේ “ඩීට්‍රිච්ගේ මරණය ගැන අපි දැනගත්තේ මහත් ශෝකයකින්, ඔහු ඇදහිය නොහැකි මිනිසෙක්, ඔහු ෆෝමියුලා එකට ආදරය කළ පුද්ගලයෙක්” යනුවෙන්.














