ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
එක්සත් ජාතික පක්ෂ නායක ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී එම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ වනවිට ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලබන සතියේ එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක එම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකක් ලෙස ලංකා ජාතික වතු කම්කරු සංගමය සැළකිය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




