දෙවරක්ම 20-20 කිරුළ පැළඳු කොදෙව්වන්ට අනපේක්ෂිත පරාජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ අද (17) පැවති තරගයක දී දෙවරක් ලෝක ශූරයින් බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ,ඔවුන් සහභාගී වූ එම තරගය ලකුණු 42කින් ස්කොට්ලන්ත කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකණු 160ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස් කිරීමට ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි සමත් වුණේ පන්දු 53ක් තුළ හතරේ පහර 09ක් සමඟ නොදැවී ලකුණු 66ක් වාර්තා කරමින්.

ඔහුට අමතරව මයිකල් ජෝන්ස් ලකුණු 20ක් සහ කැලම් මැක්ලියෝඩ් ලකුණු 23ක් රැස්කරමින් නෙදර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ ජේසන් හෝල්ඩර් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ලකුණු 161ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 18යි පන්දු 03ක් තුළ ලකුණු 118කට සිමා කරන්නට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

කොදෙව් පිල වෙනුවෙන් ජේසන් හෝල්ඩර් ලකුණු 38ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු 20ක් රැස් කළා.

කොදෙව් ඉනිම කඩා බිඳදැමූ මාර්ක් වොට් පන්දුවාර 04 තුළ ලකුණු 12ක් ලබාදී කඩුලු 03ක් දවාගත් අතර, බ්රැඩ් වීල් සහ මයිකල් ලීස්ක් කඩුලු දෙක බැගින් බිඳ දමමින් ස්කොට්ලන්ත ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16