ආර්ථිකය ස්ථායි කරගැනීම ලබන වසරේ මුල් කාලයේ හැකිවේවි – මහ බැංකු අධිපති

කෙතරම් අපහසු අවස්ථාවක වුව ද රජයේ වගකීම් හරහැටි ඉටු කිරීමට උත්සාහ දරණ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවති සම්මේලනයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (01) මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට වෘත්තිකයන් නිසියාකාරව බදු ගෙවීමට පියවර ගෙන තිබුණේ නම් මෙරට ආර්ථිකයට අර්බුදකාරී තත්ත්වයක් උදා නොවන බවයි.

එමෙන්ම ආර්ථිකය ස්ථායි කරගැනීම ලබන වසරේ මුල්කාලය වන විට හැකිවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?