AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් හෑල්ලු කරන වීඩියෝවක් ලීක් කළාට ක්‍රීඩකයන්ගෙන් නාමල්ට පැමිණිලි

කිලෝමීටර් දෙකක් දුර දිවීමේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ දර්ශන සමාජ මාධ්‍යට ලබාදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ව සංවිධානාත්මකව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇත.

මෙම යෝග්‍යතා පරීක්ෂණයේ අති විශේෂ වීඩියෝ මගින්, youtube වෙත නිකුත් කළ දර්ශන උපුටා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පෞද්ගලිකත්වයට හානි කරන ආකාරයක්ද දැකගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ක්‍රීඩකයන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවද දැනගන්නට තිබේ.

පෙර පුවත – කිලෝමීටර් දෙකක් දිවූ ක්‍රීඩකයින්ගේ නොදුටු දසුන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?