අටදහසක් පමණ වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලදාරී, නිලදාරිනියන් අතර එකම කාන්තා පොලිස්පරීක්ෂක වරිය වන්නේ යමුනා කුමාරි ධම්මිකා එදිරිසිංහ යි.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වන ඇය මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
1992 වර්ෂයේ 6 වැනි මස 13 වැනි දින පොලිස් විශේෂ කාර්ය බලකායට එක් වන්නේ පළමුවන කාන්තා නිලධාරිනියන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ඉහළින්ම සමත් වෙමිනි.
53000 කාන්තාවන් මෙම සම්මුඛ පරීක්ෂණය මුහුණ දුන්නද තෝරාගනු ලැබුවේ විසි නම දෙනෙකි.
මාතලේ ඇහැළේපොළ උපන් ඇය ශ්‍රී සංඝමිත්තා බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා තිබේ.
පොලිස් සේවයට එක් වූ 1992 වසරේදී ම ඇය විසින් මීටර් 1500 ධාවන තරගයට එක්වී පොලිස් වාර්තාවට ද එකල හිමිකම් කියා ඇත .