විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු දිවයිනට

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ගුවන් ගමන් 13 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 135 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 173 දෙනෙකු ද ඇතුළත්. එමෙන්ම, ගුවන් ගමන් 9 ක් මගින් ශ්‍රී ලාංකිකයන් 431 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා.