අනාවැකිය වැරදී හංගේරියානු කාලගුණ ලොක්කෝ රස්සාවෙන් නෙරපයි

වැරදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර තිබෙනවා.

ජාතික කාලගුණ විද්‍යා සේවය නිකුත් කළ වැරදි කාලගුණ අනාවැකියක් හේතුවෙන් හංගේරියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයක් අවලංගු කිරීමටයි පසුගිය දා සිදු වුණේ.

පසුගිය සෙනසුරාදා (20) එරට ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට හංගේරියානුවන් සූදානම් වූ අතර, එම උත්සවය දිනය නිමිත්තෙන් රාත්‍රියේ ඩැනියුබ් නදියේ කිලෝ මීටර් 05ක් දුරට ස්ථාන 240ක මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් එරට ජාතික කාලගුණ විද්‍යා සේවය සඳහන් කර සිටියේ එදින රාත්‍රියේ බුඩපෙස්ට් අගනුවර ඇතුළු අවට ප්‍රදේශවලට වැහි කුණාටුවක් හමා එන බවයි.

ඒ අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මල්වෙඩි සංදර්ශනය අවලංගු කළ අතර, එය නැරඹීම සඳහා අගනුවරට රැස්වීමට සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයා ඊට සහභාගී වූයේ නැහැ.

කේසේ වෙතත් කාලගුණ අනාවැකිය බොරු කරමින් වැහි කුණාටුව අගනුවර මඟ හැර ගිය අතර, අගනුවරට වර්ෂාවක් හෝ ඇද හැලුනේ නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වැරදි අනාවැකි පළකිරීම සම්බන්ධයෙන් හංගේරියානු ජාතික කාලගුණ විද්‍යා සේවයට ජනතාවගෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.

එම අප්‍රසාදය සහ විරෝධය හමුවේ ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් හංගේරියානු වැසියන්ගෙන් සමාව අයැද සිටි අතර, එරට රජය විසින් තීරණය කළේ එම ප්‍රධානීන් වහාම එම තනතුරුවලින් ඉවත්කර දැමීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42