AFC Banner
Empty Ad
Empty Ad

75 වන යුද්ධ හමුදා සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ (ඡායාරූප)

ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්‍ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 75 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුණා.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී එකී සැමරුම් උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

මෙවර යුද්ධ හමුදා දින පෙළපාලියේ අණදෙන නිලධාරී වශයෙන් මේජර් ජෙනරල් ලංකා අමරපාල කටයුතු කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරින් 75 දෙනෙකු සහ සෙසුනිලයන් 626 දෙනෙකු සහභාගි වුණා.

මෙම උත්සවයට සුවිශේෂීත්වයක් එක්කරමින්, 75 වන යුද්ධ හමුදා සමරැ පදක්කම ප්‍රදානය ද සිදු කෙරුණු බවයි යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එය සංකේතවත් කරමින් යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය වන පරිදි නිලධාරීන් 35 දෙනෙකුට සහ සෙසු නිලයින් 25 දෙනෙක් සඳහා පදක්කම් පිරිනැමුණා.

මීට අමතරව යුද්ධ හමුදාවේ අභිමානය වෙනුවෙන් කැපවූ සේවයක නිරත වූ යුද්ධ හමුදා සාමාජිකයින් 9 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡන පළඳවනු ලැබුවා.

සංවත්සර උත්සවය අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, දිවංගත සහ රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සිය උපහාරය පුදකළ අතර, අනාගතයේදීත් මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවූ සේවය අඛණ්ඩව ලබාදෙන ලෙස ප්‍රකාශ කර සිටියා.

WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
WhatsApp Image 2024 10 11 at 10.02.37 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තත් රටට විහිළුවක් වෙලා යන්නම ගියා - දැන් පුතා ඇවිත් කරන්න යන වෙනස..#maithripalasirisena
04:09
Video thumbnail
Breaking News 🛑 කාලගුණයෙන් රතු නිවේදනයක් #weathernews #weatherupdate
04:26
Video thumbnail
ජනපති පන්නන්න ගහන ස.ජ.බ යටිකූට්ටු ගේම එළියට #sajithpremadasa #anurakumaradissanayake
03:33
Video thumbnail
හොඳ පලපුරුදු කන්ණ්ඩායමක් මාලිමාව ඇතුළේ නෑ - ස.ජ.බ හාම්පුතෙක් ආණ්ඩුවට දාපු සද්දේ... #sjb #npp
03:31
Video thumbnail
අනුර කුමාරටත් බෑ - "අනුර කුමාරටත් අපි පැය 24යි දෙන්නේ" #anurakumaradissanayake #akd
04:51
Video thumbnail
ජනපති අනුරටත් ලේසි වෙන්නේ නෑ - ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වෙයි - රටටම වෙන්න යන දේ මෙන්න
01:55
Video thumbnail
වැරදිම්වලදී කඩා වැටෙන්න එපා
05:50
Video thumbnail
අපේ මිනිස්සුන්ගේ මතය මාරු කරන්න ඕනේ
01:47
Video thumbnail
නිකන් මේ මුද්දර ගහන්නේ නැතුව ජනතාවට සහන දෙන්න
01:32
Video thumbnail
ලිෆ්ට් එක නවත්තලා සජිත් මාධ්‍යවේදීන්ට දුන් අවවාදය
00:59

?