AFC Banner
Empty Ad
Empty Ad

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල බ්‍රහස්පතින්දා සිටම

මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (24) උදෑසන රූපවාහිණි වැඩසටහනක් සමග සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙන ප්‍රමුණතා අනුපිළිවෙල සම්බන්ධයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැහැදිළි කළේය.

“මේ එන්නත් ලක්ෂ 5ම ප්‍රදානයක් හැටියට ලැබෙන්නේ. ඒ සඳහා කිසිදු මිලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18 වැඩි ජනතාව ගත්තාම සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙලෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.”

එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?